NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Monday, June 29, 2020

Drug Day Banner


                                                             Download Psd File 01
                                                             Download Psd File 02

Friday, June 26, 2020

Drug Day Program(2020-06-26) - "මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යමත් දේශයක් "


"මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යමත් දේශයක් " දැක්ම ප්‍රකාරව ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් පුළුල් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නවදිගන්ත ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයින් 1000 ක් සදහා ඉදිවන අභිනව ප්‍රතිකාර ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීමේ උත්සවය 2020-06-26 දින පෙ.ව 10.11 ට යෙදුනු සුබමොහොතින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න (WWV RWP RSP USP ndc psc) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම ප්‍රතිකාර ගොඩනැගිල්ල සදහා මූලික අනුග්‍රහය UNODC විසින් සහ ජර්මන් රජය විසින් දරණු ලබන අතර නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිතය.
මෙම අවස්ථාව සදහා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත ආර්යසිංහ මැතිතුමා, ජර්මන් රජයේ නියෝජ්‍ය තානාපති Andreas Berg මහතා, Global Maritime Crime Program ආයතනයේ ප්‍රධානි Alan cole මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා (WWV RWP RSP VSV USP ndu ) මහතා, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා, අරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම මහත්මිය ඇතුලු රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සහභාගි විය.2020-06-26 දිනට යෙදෙන මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ජවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සිදුකරණ ලද අතර නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලදී.
මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින්ට පහසුවෙන් සේවාවන් වෙත ප්‍රවේශ වීම සදහා "Drug Free Sri Lanka" ජංගම දුරකථන යෙදවුම ආරක්ෂක ලේකම්තුමාගේ සුරතින් එලි දක්වන ලදී.මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ ගැටලුවලට you tube නාලිකා හරහා දැනුවත් වීමට හා උපදෙස් සේවාවන් ලබාදීමට Talk with Counsellor you tube නාලිකාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් එලිදක්වන ලදී.ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් නව දිශානතියකට යොමු කරමින් ප්‍රතිකාර සේවාන් ලද සේවාලාභීන් සදහා ජාතික යොවුන් සේනාංකය මැදිහත් වීමෙන් වෘත්තීය පුහුනු ශිෂ්‍යත්ව පිරිනැමීම ද අද දින සිදුවිය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාගේ මාර්ගෝපදේශකත්වය සහ නායකත්වය මත මෙම නව ව්‍යාපෘති 2020-06-26 දින පටන් ජනතාව වෙත සමීප වනු ඇත.මෙම උත්සවය සාර්ථක කරගැනීම සදහා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහා ශ්‍රි ලංකා පොලිසිය දායකත්වය දක්වන ලදී.සියලුම අන්තර්ජාල තාක්ෂණික පහසුකම් ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය විසින් ලබා දෙන ලදී.






















Monday, June 15, 2020

Eka Mage Rata - (2020-06-15) ITN TV Program



Friday, June 12, 2020

මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පසුරැකවරණ කටයුතු පිළිබඳ කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරින් සඳහා තුන්දින පුහුණු වැඩසටහන



කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හදුනාගෙන ඔවුන් ප්‍රතිකාර හා පසුරැකවරණ ක්‍රමවේදයක් වෙත යොමු කිරිම සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13ම නියෝජනය කරමින් එක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් නිළධාරින් දෙදෙනෙකු බැගින් සහභාගි කරගෙන ඔවුන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම සඳහා තුන්දින වැඩමුළුවක් ජුනි මස 8,9,10 යන දිනයන්හි දි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි.

මෙම වැඩසටහන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාගේ මඟපෙන්වීම අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මැදිහත්වීමෙන් පවත්වන ලදි.

මෙම වැඩසටහනෙන් අනතුරුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින්  ප්‍රාදේශිය ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පසුරැකවරණ කටයුතු ප්‍රාදේශිය කමිටු හරහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමට නියමිතය.

තෙදින වැඩමුළුව අවසානයේ සහතිකපත් ප්‍රදානය කිරිමට මණ්ඩලයේ සභාපතිතුමා,වැඩබලන අධ්‍යක්ෂජනරාල්තුමිය සහ දිස්ත්‍රික් ලේකම්තුමා සහභාගිවන ලදි.




















Popular Posts

Recent Posts

Text Widget