ප්‍රජා පාදක වැඩසටහන් ආරම්භ කිරීම සඳහා නව කාර්ය මණ්ඩලය බදවා ගැනීම
මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරී
පුද්ගලයින් සදහා නේවාසික හා ප්‍රජාපාදක ප්‍රතිකාර වැඩසටහන් ව්‍යාප්ත කිරීම සඳහා
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට අලුතින් බඳවාගත් සහකාර
උපදේශක නිලධාරීන් සහ උපදේශන සහකාරවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රධානය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනාරල් ( විශ්‍රාමික)
කමල් ගුණරත්න ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ඵීඑස්පී මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
මෙම අවස්ථාවට සමගාමීව මත්ද්‍රව්‍ය දුර්භාවිතය,නිවාරණය හා පාලනය පිළිබඳ සංශෝධිත ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා විසින් ආරක්ෂක ලේකම්තුමා වෙත පිලිගැන්වීම සිදුවිය.
එමෙන්ම "1927" උපදේශන ඇමතුම් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමද ගරු ආරක්ෂක ලේකම්තුමාගේ සුරතින් සිදුවිය.
ඊට අමතරව පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ හා පාලන වැඩසටහනට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහය ආරක්ෂක ලේකම්තුමා වෙත භාර දීම සහ මත්ද්‍රව්‍ය දුර්භාවිත තොරතුරු
අත්පොත-2020 නිලවශයෙන් එළිදැක්වීම ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර
ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේඛ ලේකම් සමන්ති වීරසිංහ
මහත්මිය,අපරාධ,සංවිධානාත්මක අපරාධ,කාන්තා ළමා අපයෝජන වැලැක්වීමේ කාර්යංශය හා මත්ද්‍රව්‍ය
හා මැතිවරණ පරාසය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වීරසූරිය මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඥානදාස පෙරේරා මැතිතුමාද සහභාගි
විය.
0 comments:
Post a Comment