රුවන්වැලි මහා සෑය අභියස පැවති කප්රුක් පූජාව සහ ආශිර්වාද පුජාව
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ජාතිය මෙහෙයවන අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් සහ සියලුම අංශවල නිලධාරීන්ට සහ මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා කැපවන සියලුම පාර්ශ්වයන්ට සෙත්පැතීම සඳහා 2020.09.19 සහ 20 වන දිනයන්වල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංවිධානයෙන් සහ මූලිකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස කප්රුක් පූජාවක්, ආශිර්වාද පුජාවක් සහ කිරිපිඬු පූජාවක් පවත්වන ලදි. ඊට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සඳහා සහභාගීවූ පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා සඳහා සහතික පත් ප්‍රදානෝත්සවයක්ද රුවන්වැලි මහා සෑය විහාරාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
0 comments:
Post a Comment