NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Tuesday, September 22, 2020

රුවන්වැලි මහා සෑය අභියස පැවති කප්රුක් පූජාව සහ ආශිර්වාද පුජාව

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ජාතිය මෙහෙයවන අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් සහ සියලුම අංශවල නිලධාරීන්ට සහ මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා කැපවන සියලුම පාර්ශ්වයන්ට සෙත්පැතීම සඳහා 2020.09.19 සහ 20 වන දිනයන්වල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංවිධානයෙන් සහ මූලිකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස කප්රුක් පූජාවක්, ආශිර්වාද පුජාවක් සහ කිරිපිඬු පූජාවක් පවත්වන ලදි. ඊට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සඳහා සහභාගීවූ පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා සඳහා සහතික පත් ප්‍රදානෝත්සවයක්ද රුවන්වැලි මහා සෑය විහාරාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.






































Tuesday, September 15, 2020

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ජාතික යොවුන් සේනාංකය එක්ව සිදුකෙරෙන පෞරුෂ සංවර්ධන හා වෘත්තීය පුහුණු තුන් මාසික වැඩසටහනේ සමාරම්භක උත්සවය

 


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ජාතික යොවුන් සේනාංකය එක්ව සිදුකෙරෙන පෞරුෂ සංවර්ධන හා වෘත්තීය පුහුණු තුන් මාසික වැඩසටහනේ සමාරම්භක උත්සවය 2020-09-14 දින කටුනායක යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී ඉතාමත් සාර්ථක ලෙස සිදුකල අතර ඒ සදහා විශේෂ ආරාධිතයා වශයෙන් UNODC හි ශ්‍රි ලංකා ප්‍රධානී ට්‍රොයෙල් වෙස්ටර් මහතා සහභාගී වූ අතර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගරු සභාපතිතුමාද ජාතික යොවුන් සේනාංකයේ සභාපතිතුමා ද, අ.ඖ.පා.ජා.ම. අධ්‍යක්ෂ ජෙනරාල් තුමියද, අධ්‍යක්ෂ ප්‍රේමසිරි මැතිතුමාද ඇතුලු ආයතන දෙකෙහිම ඉහල කාර්‍යය මණ්ඩලය සහභාගී විය.

එහිදී පුහුණු ලාභීන් 25 දෙනෙකු සදහා මෙකී පාඨමාලාව මූලිකව ලබා දෙන අතර ජාතික යොවුන් සේනාංක සභාපතිතුමා විසින් එම ලමුන් සදහා ඔවුන් අභිමත ඕනෑම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය ශිෂ්‍යත්වයන් ලබාදීමටද එකගවන ලදි.












Tuesday, September 1, 2020

The closing ceremony of the Teacher instructors training was graced by the governor of the Central Province

The closing ceremony of the Teacher instructors training was graced by the governor of the Central Province, Mr. Lalith U. Gamage, Chairman of the National Dangerous Drugs Control Board Dr. Laknath Welagedara, Director of the Health and Nutrition Unit of the Ministry of Education Ms. Renuka Peries, Additional Secretary of the District Secretariat- Kandy, Additional Director of Provincial Educatgion Office- Central Province and other distinguish guests.













Popular Posts

Recent Posts

Text Widget