NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Sunday, August 16, 2020

2020-08-14 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික යොවුන් සේනාංකය හා ඒකාබද්ධව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම

 

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඇබ්බැහි වු තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව නැවත සමාජගත වීමේ දී ඇති විය හැකි විවිධාකාර සෘණාත්මක බලපෑම් හේතුවෙන් එම තැනැත්තා සමාජය විසින් වෙනස් කොට සැලකීමේ ප්‍රවණතාවයක් ඇති බව හඳුනා ගෙන ඇති හෙයින් ද,

විරැකියාව හේතුවෙන් නොයෙකුත් තාවකාලික ජීවනෝපාය සෙවීමේ අරගලයක නිරත වීමට සිදු වී ඇති බව හෙලි වී ඇති බැවින් ද,

වර්තමානයේ නාගරික මෙන් ම ග්‍රාමීය ජන සමාජය තුල ද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සුලභතාවය, තවදුරටත් මත්ද්‍රව්‍ය පිළිබඳ ආකල්ප වර්ධනය වීමේ හැකියාව පැවතී, දරා ගැනීමේ කුසලතා වර්ධනය සීමා වීම වැනි හේතූන් නිසා පුනරුත්තාපනය වුවන් නැවත නැවතත් මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ හැකියාවක් හෝ පෙළඹවීමක් ඇති බව අනාවරණය වී ඇති බැවින් ද,

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද සඳහන් වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතය ආර්ථික පරිහානිය සමඟ බැඳුණු සමාජ පරිහානියේ ද කැඩපතක් බවත් වර්තමානයේ මත්ද්‍රව්‍ය භාවිතය, විශේෂයෙන් දරුවන් අතර පවා පැතිර යන වසංගතයක් බවට පත් වී ඇති බැවින් මත් උවදුරෙන් රට නිදහස් කර ගැනීම සඳහා නොපසුබටව කටයුතු කිරීම අප සැමගේ වගකීම වන හෙයින් ද,

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් සම්පූර්ණයෙන් ම එයින් මුදවා ගැනීම සඳහා අවශ්‍ය ජාතික පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කිරීම වඩා ඵලදායී, දීර්ඝ කාලීන හා තිරසාර ලෙස සිදු කිරීමේ අවශ්‍යතාව අවබෝධ කොට ගෙන ඇති බැවින්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පුනරුත්තාපනය වීම සාර්ථකව අවසන් කරන ලද සේවාලාභීන් හට පෞරුෂ සංවර්ධන හා මෘදු කුසලතා ලබා දීමේ හා ඔප්නැංවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස 2020-08-14 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික යොවුන් සේනාංකය හා ඒකාබද්ධව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම දෙපාර්ශවයේ මැදිහත්වීමෙන් සාර්ථකව සිදුකරන ලදී.
















0 comments:

Post a Comment

Popular Posts

Recent Posts

Text Widget