NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Thursday, June 25, 2015

International Day Againts Drug Abuse and Illicit Trafficking 2015

                   International Day Against Drug Abuse and Illicit Trafficking 2015 June 26









































                     Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Wednesday, June 10, 2015

ගෝලීය මත්ද්‍රව්‍ය පාලන, ප්‍රවාහන හා ජාවාරමට එරෙහි සමුළුව 2015

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ලෝක නායකයන්ගේ පැසසුමට


කටාර් රාජ්‍ය විසින් සංවිධානය කරන ලද පළමු ගෝලීය මත්ද්‍රව්‍ය පාලන, ප්‍රවාහන හා ජාවාරමට එරෙහි සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු පිරිස සහභාගී විය. කටාර් රාජ්‍යයේ ගරු අගමැති සහ අභ්‍යන්තර කටයුතු ඇමති අබ්දුල්ලා බින් නසාර් බින් කලිෆා අල්තානි මැතිතුමා ද ගල්ෆ් කලාපීය මත්ද්‍රව්‍ය පාලන අංශ ප්‍රධානි හා මහජන ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හෂීම් අලි මැතිතුමා ද කටාර්, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ජෝර්දානය, තුර්කිය, කිරිකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන රටවල ඉහළ පෙළේ නායකයන්ද සහභාගී විය. 

එම සමුළුව සඳහා ජාත්‍යන්තර පොලිසියේ අධ්‍යක්‍ෂ ජනරාල් ජාගන් ස්ටොක් මැතිතුමාද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ විධායක අධ්‍යක්‍ෂ යාරි පෙඩටෝව් මැතිතුමන්ද සහභාගී විය.
එහිදි ගල්ෆ් කලාපයෙන් පරිබාහිර රාජ්‍යයන් වෙනුවෙන් කළ එකම විශේෂ දේශනය සඳහා වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට ආරාධනා කරන ලද අතර එහිදි ඉදිරිපත් කළ කරුණු ලෝක නායකයන්ගේ අවධානයට යොමු වු අතර විසඳුම් හා යෝජනා ඉමහත් ප්‍රශංසාවටත් සාකච්ඡාවටත් භාජනය විය.

මැද පෙරදිග සේවයේ යෙදෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් මෙරටදි මෙන්ම විදේශයන්හිදි මත්ද්‍රව්‍ය වලට යොමු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමටත් ඒ සඳහා කටාර් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරින් සඳහා මෙරටදි වැඩමුළුවක් පැවැත්වීමටත් ගුවන් තොටුපළ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව හා නවීන තාක්‍ෂණික උපකරණ යොදවා ගෙන කිරීමටත් ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ගල්ෆ් කලාපීය රටවලින් සපයා ගැනීමේ හැකියාව පිළිබඳවත් මෙම ගෝලීය සමුළුවේදී සාකච්ඡාවට බඳුන් විය.     



























       
           Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter


Popular Posts

Recent Posts

Text Widget